ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාවට ගොස් සරණාගතයකු ලෙස පදිංචි වීමට ගොස් ගිනි තබාගෙන මිය ගිය ශ්‍රී ලාංකිකයාගේ (29) මළගමට යෑම සඳහා ඔහුගේ සහෝදරයාට ඕස්ට්‍රේලියාවෙන් වීසා ප්‍රතික්ෂේප විය.
එල් සීමන් පිල්ලේ නම් මෙම ශ්‍රී ලාංකිකයා මේ මාසයේ මුළ දී මරුමුවට පත් විය.
ඔහුගේ අවමඟුල බදාදාට නියමිතය.
ඔහුගේ සිරුර ශ්‍රී ලංකාවට හෝ ඉන්දියාවට එවීමට ඕස්ට්‍රේලියාව ගත් උත්සාහයට ද ඔහුගේ නෑයෝ එකඟ නොවූහ. එසේ කිරීමෙන් තම දුක ද වැඩි වී, තමන් ඉලක්ක වෙතියි ඔවුහු කීහ.
රැකියාවක් ද නැති ඉතිරි කළ මුදලක් ද නැති ඔහුගේ සහෝදරයා මළගමට එන්නේ අවංක චේතනාවෙන් නොවන බව ඕස්ට්‍රේලියාව කියයි.

