මළකඩ කෑ පාත්තරේට ස්ප්‍රේ


ප්‍රමිතියෙන් තොර පූජා භාණ්ඩ හා අට පිරිකර නිෂ්පාදනය කළ බව කියන ගෙවල් දෙකක ගබඩාවලට පාරිභෝගික අධිකාරිය බණ්ඩාරගම අටුළුගම දී සීල් තැබීය.

බාල සිවුරු ද , මළකඩ කෑ පාත්තර ස්ප්‍රේ කිරීම සඳහා වන උපකරණ  ද එහි විය.

සිවුරුවලින් ඇඳ ඇතිරිලි හා කොට්ටඋර මසා තිබිණි.

ඇඳන් යට ද සිවුරු ගොඩ ගසා තිබූ බව පාරිබෝගික අධිකාරිය කියයි.