(මනෝප්‍රිය ගුණසේකර)
මෘත ශරීරයක කොටස් ඉවත්කර දීමට බව පවසමින් මිය ගිය පුද්ගලයාගේ ඥාතියකුගෙන් රුපියල් 10000ක අල්ලස් ලබාගත්තැයි වැරදිකරුවන් වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ කම්කරුවන් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා වසර 8 බැගින් සිර දඬුවම් නියම කළේය.
ඊට අමතරව වැරදිකරුවන්ට රුපියල් 16000 බැගින් වන දඩද නියම කෙරිණි.
අල්ලස් ලෙස ලබාගත් රුපියල් 16000ක මුදල දණ්ඩනයක් ලෙස අය කර ගැනීමට නියෝග කෙරුණු අතර එසේ සිර දඩුවම් නියම වූයේ රනිල් ප්‍රියන්ත හා කේ.තිලකරත්න නමැති සෞඛ්‍ය අමාත්‍යංශයේ කම්කරුවන් ලෙස සේවය කළ දෙදෙනකුටය.

