මළ ගෙදර යද්දී දෙබරු අනිති


ලග්ගල නාරංගමුවේ සිට ලග්ගල පල්ලේගම දක්වා වෑන් රියකින් හා යතුරු පැදියකින් ගමන් ගත් පිරිසක් ලග්ගල හංවැල්ල ප්‍රදේශයේදී අද (09) උදෑසන  දෙබර ප්‍රහාරයකට ලක් වී නව දෙනෙක්  ලග්ගල පල්ලේගම මුලීක රෝහලට ඇතුළු කර ඇතැයි ලග්ගල පොලීසීය කියයි.

වයස අවුරුදු දොළහක පාසල් සිසුවකු හා සිසුවියක්ද තුවාල ලැබුවන් අතර සිටින බව පොලීසිය කියයි. ඔවුන්ගේ  තත්ත්වය බරපතල නොවන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මළ ගෙදරක යමින් සිටි පිරිසක්, උදෑසන සිය රාජකාරී සදහා ගමන් ගත් පිරිසක් හා පාසල් දරුවන්ද වෑන් රියේ ගමන් කර ඇතැයි  පොලීසීය කියයි.

නකල්ස් සංරක්ෂිත වනාන්තරය මැදින් ඇති හංවැල්ල මාර්යේ මෙම දෙඹර කූඩුව තිබු නිසා ඒ මොහොතේ සතෙකු පැනීමෙන් හෝ දෙබර කූඩුව ඇවිස්සෙන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

වන සංරක්ෂණ නිලධාරීන්  හා එක් වී එම සවස් වන විට එම දෙබර කූඩුව එතැනින් ඉවත් කිරීමට කටයුතු යොදන බවද පොලීසීය සඳහන් කරයි.