මළ කැස්බෑවත් සතුන් වත්තට


කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ සිටි සුදු කැස්බෑවුන් හා මධ්‍යස්ථාන හිමිකරු ආබ්‍රේව්ගේ  දියණියගේ නිවසේ සිටි කැස්බෑවුන් දෙහිවල සතුන් වත්තට ගෙන යාමට වනජීවී නිලධරයෝ අද එහි ගියහ.

මේ අතර කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ බෙහෙත් ගල්වා  කල් තබාගෙන සිටි සුදු කැස්බෑවා උසාවි නියෝගයක් අනුව කොස්ගොඩ පොලීසියට ගෙන ආ බවත් එම සතා  මිය ගිය හේතුව හා මියගිය කාලය ආදී තොරතුරු සොයාගැනීම අරමුණ බවත් වනජීවී නිලධරයෝ කියති.