මහේස්ත්‍රාත්ගේ අලි පැටියාගේ විස්තරත් ඉල්ලයි


ව්‍යාජ බලපත්‍ර සකස් කර නිවෙස්වල රඳවාගෙන සිටිය දී පින්නවල අලි අනාථාගාරයට බාර දුන් බව කියන ඇලි පැටවුන් නව දෙනාගේ පෝෂණය හා සෞඛ්‍ය තත්ත්වය ගැන වාර්තාවක් ඉදිරපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ළඟ සිටිය දී පොලිස් බාරයට ගන්නා ලස අලි පැටවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නෙවිල් අබේරත්න මහතා කළ ඉල්ලීමක් සැළකා බැලු මහේස්ත්‍රාත් එම නියෝගය කළේය.