කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ළඟ සිටි අලි පැටවකු අද (13) බත්තරමුල්ලේ වනජීවී කාර්යාලයට බාරදුන් බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩී.රත්නායක මහතා කියයි. එම අලි පැටවාට බලපත්‍රයක් නොතිබූ බවද ඔහු පවසයි.
ලියාපදිංචි නොකළ අලි ඇතුන් 11 කගෙන් 8 දෙනකු සොයාගෙන ඇතැයි ද ඔහු කියයි.
දැනට පැය බාගයකට පමණ පෙර ගමගේ මහතාගේ සේවකයින් පිරිසක් වාහනයකින් අලි පැටවා බත්තරමුල්ලේ පිහිටි වනජීවී ප්‍රධාන කාර්යාලයට ගෙනැවිත් බාරදුන් බව රත්නායක මහතා පවසයි.
ඡායාරූප - චමිල් රූපසිංහ




