හික්කඩුව නාරිගම දස සිල් මාතාවගේ දේහය ඉරිදා (13) ආදහනය කිරීමට සැරසෙද්දී පොලීසිය ක්‍රියා කළ ආකාරය දැඩි දෝෂ දර්ශනයට ලක්කළ ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ජිනේන්ද්‍ර කුමාර මුණසිංහ මහතා තිරාණගම එම ආදාහන මළුවේවේදී ආදහනය කරන ලෙස අද (14) නියෝග කළේය.
දේහය ආදාහනය කිරීමට සැරසෙද්දී මරණය සැක සහිත බවට පොලීසියට කළ පැමිණිල්ල ගැන පොලීසිය නිසි පරීක්ෂණයක් කැර නැති බවත් ඔවුන් අනවශ්‍ය ප්‍රශ්නයක් අනවශ්‍ය ලෙස අධිකරණයට ඉදිරිපත් කැර ඇති බවත් මහේස්ත්‍රාත්වරයා පැවසීය.
පොලීසියේ 119 දුරකතන අංකයට කරන ලද පැමිණිල්ල සාවද්‍යදැයි සොයා බලා අගෝස්තු 04 දා අධිකරණයට වාර්තා කරන්නැයි මහෙස්ත්‍රාත් පොලිසියට නියෝග කළේය.
දේහය කපා පශ්චාත් මරණ පරීක්ෂණය කළ ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය පී.ආර්.රුවන්පුර මහතා සිය වාර්තාවේ දක්වා ඇත්තේ ස්වාභාවික හේතු මත සිල් මාතව මිය ගොස් ඇති බවයි.

