මහේෂ් - වසන්ත ඉන්දියාව පරදවති


හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක‍්‍රීඩා උළෙලේ සමාරම්භ උළෙලෙන් පසුව නිලවශයෙන් තරග ආරම්භ කරමින් පෙරේදා (8) රාත‍්‍රි විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති වෙරළ වොලිබෝල් පිරිමි තරගයේදී ශ‍්‍රී ලංකා අංක 1 කණ්ඩායම නියෝජනය කරන මහේෂ් පෙරේරා සහ වසන්ත රත්නපාල වට 2-/0 ක් ලෙස ඉන්දීය අංක 2 කණ්ඩායම පරාජය කිරීමට සමත් වූහ. මහේෂ් සහ වසන්ත විශිෂ්ට ලෙස ක‍්‍රීඩා කරමින් 21/8 ක් සහ 21/16 ක් ලෙස ඉන්දීය ක‍්‍රීඩකයන් දෙපළ වන ප‍්‍රදීප් ජෝන් සහ පී. මොහාන් පරාජය කළහ. එහිදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් දෙපළ ඩෑෂ් පහර සහ පන්දුව ස්ථාන ගත කරමින් ඉන්දීය ක‍්‍රීඩකයන් දෙපළට ප‍්‍රබල අභියෝගයක් යොමු කිරීමට සමත් වූහ.
(ඡායාරූප: රොමේෂ් ධනුෂ්ක සිල්වා)
  ශී‍්‍ර ලංකාව සහ ඉන්දයාව අතර තරගයේ අවස්ථාවක්