වසර 18 කට පසු ක්‍රිකට් ලෝක කුෂලානය මෙරටට ගෙන ඒමට දායක වු විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පවා පැසසුමට පාත්‍ර වු කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන වැනි ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන්ට විරුද්ධව විනය පරීක්ෂනයක් ගෙනෙන්නේ නම් එය තමා දැඩිව හෙලා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ලංඩන් නුවර සිට එසැණට පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ
‘රටට සම්පත් වැනි ක්‍රිකට් ක්‍රීඩකයන්ට විනය පරීක්ෂන ගේන්නේ ඇතුලේ තියෙන දුෂන වහගන්නයි.
දක්ෂතා තියාගෙන ප්‍රවීන ක්‍රීඩකයින් නවකයින්ට තැන දෙන්න සමුගන්නකොට ක්‍රිකට් පාලක මණ්ඩලයේ පරිපාලන නිලදාරීන් විදියට අපි දකින්නේ මීට අවුරුදු ගනනාවකට කලින් දැකපු මුණුමයි. මොකක්ද රහස ? ‘

