මහේන්ද්‍රන් - අර්ජුන් - කසුන් සැකකරුවෝ වෙති


(මනෝප්‍රිය ගුණසේකර)                                  

බැඳුම්කර වංචාව අදාළ සිද්ධියේ සැකකරුවන් වශයෙන් මහබැංකුවේ හිටපු සභාපති අර්ජුන් මහේන්ද්‍ර පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂක අර්ජුන ඇලෝසියස් සහ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන නම්කරණු ලැබීය.        
                                                 
මෙම පුද්ගලයන්ගෙන් සිද්ධියට අදාළව කට උත්තර ලබාගත යුතුබව කියමින් අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය දැනට විදෙශ ගතව සිටින සංගප්පූරු ජාතික,  අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ලබන 15 ට පෙර ශ්‍රී ලංකාවට පැමිණ මෙම සිද්ධියට අදාළව රහස් පොලීසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙස නියම කළාය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිටපු අධිපතිවරයායි.