(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාතේ 12වැනි ආණ්ඩුකාරවරයා ලෙස මහීපාල හේරත් මහතා අද(24)වැනි දින අනුරාධපුර දිසා ලේකම් කාර්යාලයේ පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදි සියධුරයේ වැඩ භාරගන්නා ලදි.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙවර මහාමැතිවරණයට ඉදිරිපත් විමට ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා ඇතිවු පුරප්පාඩුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සඹරගමුව හිටපු මහාඇමති මහීපාල හේරත් මහතා පත් කර තිබිණි.
මෙම අවස්ථාවට වනජීවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, උතුරු මැද හිටපු පධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකොන්, උතුරුමැද පධානලේකම් එච්.එම්.පී.බණ්ඩාර,ආණ්ඩුකාර ලේකම් ඒ.එන්.කේ.වික්‍රමසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.




