මහියංගනයේ ගම්මාන දෙකක් ගැටේ: වෙඩිත් පත්තුවේ


(රංජිත් කරුණාවිර)

මහියංගණ නගරයට ආසන්න ගම්මාන දෙකක දෙපිරිසක් අතර එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එක් අයකු තුවල ලබා ඇතැයි පොලිසිය කියයි.

දොඩම්වත්ත, ගෙවල් 20 ගම්මානයේ පසුගිය 15 දින සවස 4.00ට පමණ

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා  මහියංගණ මුලික රෝහලට ඇතුලත් කර ඇති බවට මහියංගණ පොලිසිය පවසති. ඔහුගේ කකුලට වෙඩි වැදී තුවාල සිදුව ඇත.

මහියංගන නගරයේ පිරිසක් දොඩම්වත්ත ගම්මානයට පැමිණ ගල්මුල් වලින් පහර දෙමින් ප්‍රචන්ඩකාරීව හැසිරෙන හා වෙඩි තැබිම සිදු කරන අවස්ථාන එම ගම්මානයේ කාන්තාවක  සිය ඡංගම දුරකථනයේ පටිගත කරගනු ලැබ ඇත.

මහියංගණ නගරයේ පිරිසක් හා මහියංගණ දොඩම්වත්ත ගම්මානයේ පිරිසක් අතර කලක පටන් පවතින ගැටුමක් දුරදිග යාමෙන් මෙම ගැටුම සිදුව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණ පොලිස්ථානයේ ස්ථානාධිපති ඩබ්බිලිව්. ඩබ්බිලිව්. සී. ආර්. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පරික්ෂණ කටයුතු ආරම්භ කර එදින සවසම වෙඩිතැබීම සිදු කළ පුද්ගලයා හා වෙඩිතැමීම සඳහා යොදාගන්නා ලද ගල්කටස් වර්ගයේ ගිණි අවිය අත් අඩංගුවට ගැනිණි. 

ඔහු වෙඩි තැබීම සඳහා යොදාගෙන තිබු මෙරට නිෂ්පාදිත එම ගල්කටස් වර්ගයේ ගිණි අවිය ටී56 වර්ගයේ උණ්ඩ භාවිතය සඳහා සැකසූ එකක් බව පැවසේ.