මහියංගන බස් අනතුරින් 28කට තුවාල


(විමුක්ති සංජය පෙරේරා)

තිරිංග අක්‍රයවීමත් සමඟ රියැදුරුගේ පාලනයෙන් ගිලිහුණු ලංගම බසයක්  වියානා ඇළ දෙසට ධාවනය වෙද්දී එහි රියැදුරා අසල වේල්ලක ගැටීමට සලස්සවා බසය නවතා ගැනීමෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකි වී ඇතැයි පොලිසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් විශාල පිරිසක් ගමන් කර ඇති අතර ඉන් 28 දෙනකු තුවාල ලබා ඇතැයි ද පොලිසිය කියයි. 

තුවාල ලැබුවන්ගෙන් 10 දෙනකු පාසල් සිසුන් බව ද පොලිසිය සඳහන් කරයි.

මහියංගන ගැමුණුපුර හන්දියේ  සිට  මහියංගන නගරය දක්වා ධාවනය වෙමින් තිබූ මහියංගන ලංගම ඩිපෝවට අයත් එම බස් රථය තිරංග අක්‍රිය වී රියැදුරුගේ පාලනයෙන් ගිලිහී ඇත.

බස් රථය මාර්ගය අයිනේ කඳුවැටියට ගැටීමට සැලැස්සුවේ නැතිනම් විශාල අනතුරක් වීමට ඉඩ තිබූ බව පොලිසිය කියයි.