(පාලිත ආරියවංශ සහ නිශාන්ත කුමාර)
මහියංගණ ජාතික පාසල ඉදිරිපිට දී සිදුවු රිය අනතුරෙන් මියගිය එකම පවුලේ 10 දෙනාගේ මෘත දේහයන් හදිසි මරණ පරීක්ෂණවලින් පසු පවුලේ ඥාතීන්ට බාරදුන් බව මහියංගනය පොලිසිය පවසයි.
මිය ගිය 10 දෙනාගේ අවසන් කටයුතු අද(18) කතෝලික දේවස්ථාන ගොඩනැගිල්ල වෙත රැගෙන ගොස් එහි තැන්පත් කර කිතුණු දේව මෙහෙයෙන් පසු කතෝලික සුසාන භූමියේ මිහිදන් කිරීමටත් කටයුතු යොදා ඇති බව පවුලේ ඥාතීයකු පැවසීය.
ත්‍රිකුණාමලයේ සිට දියතලාව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක වෑන් රථය මුහුණට මුහුණ ගැටී වෑන් රථයේ ගමන් කළ 10 දෙනෙක් මිය ගොස් දෙදෙනෙක් තුවාල ලැබුහ.
තුවාල ලැබු 13 හැවිරිදි හා 16 හැවිරිදි ගැහැණු ළමුන් දෙදෙනෙක් අසාධ්‍ය තත්වයෙන් බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
මෘත දේහ අද (18) අලුයම මඩකළපුවට රැගෙන ගිය බව පොලිසිය පවසයි.
මහියංගන මහේස්ත්‍රාත් ලක්කෂ්මන් ප්‍රියන්ත මහතාගේ නියෝගය මත හදිසි මරණ පරික්ෂකවරුන් වන එච් .එම්.පී.බී හේරත් සහ ඒ .යූ රාපක්ෂ යන මහත්වරුවන් විසින් මෙම හදිසි මරණ පරීක්ෂණ සිදු කෙරිණි.
මෙම මරණ වලට හේතුව අනතුරේ දී සිදුවූ දැඩි තුවාල, කම්පනය හා අධික රුධිර වහනය බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබූ බවද පොලීසිය වැඩිදුරටත් කීය.
මිය පුද්ගලයන්ගේ සිරුරු සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය මහයංගන රෝහලේ දී සිදුකෙරිණි.
(ඡායාරූප - ටී. එල්. ජ්ව්ෆර්කාන් : මඩකලපුව කතෝලික දේවාලයේදී අවසන් කටයුතු පැවැත්වීම සහ ආදාහනය)





ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල




