සබරගමුව පළාත් සභා මහ ඇමති මහීපාල හේරත්, ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් ප්‍රධානත්වයෙන් අරණායක රිවිසඳ මැදි විදුහලේ රංග ශාලාවේ දී අද (11)දහවල් 12 ට පැවත්විමට නියමිතව තිබු මැතිවරණ රැස්විමක් කෑගල්ල සහකාර මැතිවරණ කොමසාරිස්ගේ නියෝගයකට අනුව නවතා ඇති බව අරණායක පොලිසිය පවසයි. රජයට අයත් ස්ථානයක දේශපාලන රැස්වීමක් පැවැත්වීමට යාම නීතිවිරෝධී බව සන්ධානයයේම වෙනත් අපෙක්ෂකයකු කෑගල්ල සහකාර මැතිවරණ කොමසාරිස් වරයාට පැමිණිලි කිරීමෙන් පසු ඔහු පොලිසියට දැනුම් දී ඇත්තේ එම රැස්වීමට අවසර නොදෙන ලෙසයි.

