මහින්දෝදය විද්‍යාගාරවල පරිගණක 57,000 ක් විනාශයි


(අජන්ත කුමාර අගලකඩ)


        රජයේ පාසල්වල මහින්දෝදය විද්‍යාගාරවල පරිගණක 57,000 ක් පමණ තිබෙන  බවත් එවා නිවැරදි ලෙස නඩත්තු නොකිරීම නිසා ඉන් විශාල ප්‍රමාණයක් කැඩීගොස් ඇති බවත් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා  කැබිනට් රැස්වීමේදි ප්‍රකාශ කර ඇත.


මෙම පරිගණක පසුගිය කාලය පුරාම හරියාකාරව නඩත්තු කර ඇති නැති බවද ඇමැතිවරයා පෙන්වා දී තිබේ .


පාසල්වල උසස් පෙළ සිසුන්හට ටැබ් පරිගණක ලබාදීමට පෙර මෙම මහින්දෝදය විද්‍යාගාරවල ඇති පරිගණක නඩත්තු කළ යුතුව ඇතැයි ද සමරවීර මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.