(මනෝප‍්‍රිය ගුණසේකර)
සතොස ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් කී‍්‍රඩා සංගම් වලට බෙදා දී රජයට රුපියල් කොටි 05කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සහ හිටපු සතොස ගබඩා පාලකවරයා ඇප මත මුදාහැරීමට ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (26) නියම කළේය.
රුපියල් ලක්‍ෂයක මුදල් හා රුපියල් ලක්‍ෂ 10 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකු සහිත ශරීර ඇප මත විත්තිකරුවන් මුදා හැරීමට ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.
ආර්ගගුරුසිංහල ශෂී මහේන්ද්‍රරන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව කැඳවනු ලැබීය.
විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් දෙවැනි ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුව කඳවු අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි විත්තිකරුවන්ට එරෙහිව නඟා ඇති අධිචෝදනා ඔවුන්ට බාරදීමෙන් අනතුරුව විත්තිකරුවන් ඇප නියම කිරීමට විනිසුරු මඩුල්ල නියම කළේය.
2014 සැප්තැම්බර් මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලයේ කොළඹදී සතොස ආයතනයට ගෙන්වු කැරම් බෝඞ් සහ දාම් බෝඞ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් කී‍්‍රඩා සංගම් වලට බෙදා දී රජයට රුපියල් මිලියන 53 කට අධික පාඩුවක් සිදු කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා හයක් යටතේ නඩු පවරා ඇත.
මෙම සිද්ධියට අදාළව ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවැරීම සදහා අගවිනිසුරුවරයාගේ අනුමැතිය ලැබීම නිසා හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව මෙන්ම සතොස ගබඩා පාලකවරයා ලෙස කටයුතු කළ අජිත් නිශාන්ත නමැත්තාට එරෙහිවද අල්ලස් කොමිසම මෙලෙස නඩු පවරා ඇත.
විත්තිකරුවන්ට එරෙහි මෙම නඩුව ඔප්පු කිරීම සඳහා සාක්කිකරුවන් 26 දෙනෙකු සහ ලේඛණ 15ක ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත. සතොස ආයතනයට ගෙන්වු කැරම් බෝඞ් 14,000ක් සහ දාම් බෝඞ් 11,000ක් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් කී‍්‍රඩා සංගම් වලට බෙදා දීම සඳහා බියගම ප‍්‍රදේශයේ දේශපාලන මධස්ථානයක තිබියදී සොයාගත් බව නඩු ගොනුවේ සදහන් වේ.

