මහින්දානන්දට එරෙහි නඩුව 17 කැඳවන්න නියෝග


මනෝප්‍රිය ගුණසේකර 
 
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහාමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරන ලද නඩුව ලබන 17 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා අද (09) නියම කළේය.

 
මෙම නඩුවේ සාක්කි කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විමසීම ආරම්භ කිරීමෙන් අනතුරුව විත්ති පාර්ශ්වය ඉදිරිපත් කළ අභියාචනයකට අනුව මෙම නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාගයට ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය නියෝගයක් ලබාදීමෙන් අනතුරුව මෙම නඩුව කැඳැවිණි.
 
2012 ඔක්තෝම්බර් මස 30 වැනිදාත් 2013 අප්‍රේල් මස 20 වැනිදාත් අතර කාලයේ අමාත්‍ය ධුරයක කටයුතු කරමින් සිටියදී අයථා අන්දමින් උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැය කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට දණ්ඩ නීතී සංග්‍රහය යටතේ හා මුදල් විශුද්ධීකරණ පනත යටතේ විත්තිකාර හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව නීතීපතිවරයා  මෙම නඩුව පවරා ඇත.