(මනෝප්‍රිය ගුණසේකර )
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයට අයත් රුපියල් ලක්ෂ 35 ක මුදලක් සාපරාධීව පරිහරණය කළ බවට හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නඩුව විභාගය ලබන ජුනි මස 06 වැනිදා තෙක් කල් දැමීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද(04) නියෝග කළේය.
නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.
මෙම නඩුව විභාගයට ගැනීම සඳහා අද (04) කැඳවනු ලැබු අවස්ථාවේදී පෞද්ගලික හේතුවක් බව පවසමින් නඩුවේ සාක්ෂි විභාගය කල් තැබීමට මහෙස්ත්‍රාත්වරයා කටයුතු කළේය.