මනෝප්‍රිය ගුණසේකර
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට පවරා ඇති නඩුවේ තීන්දුව ලැබුණු පසු නඩුව වෙනත් අධිකරණයකට මාරුකර යැවීමට නඩු ගොනුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු වෙත යොමු කිරිමට පියවර ගන්නා බව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා දැනුම් දුන්නේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට නොගෙන වෙනත් අධිකරණයකට මාරුකර යැවීමට නියම කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව තවම ලැබී නැති බවත් එම තීන්දුව ලැබුණු පසු අදාළ පියවර ගන්නා බවත් ප්‍රකාශ කළේය.
නඩුව ජුලි 9 වැනි දා යළි කැඳවීමට නියමිතය.