මහින්දානන්දගෙන් ප්‍රශ්න කරයි


හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේගෙන් අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැය තුන හමාරක් පමණ ප්‍රශ්න කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා ඇමැතිවරයාව සිටි කාලයේදී ක්‍රීඩා අමාත්‍යංශයට කැරම් බෝඩ් හා දාම් බෝඩ් මිලදී ගැනීමේදී මිලියන 39ක මූල්‍ය වංචාවක් සිදුවී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කළ බව පොලිසිය කියයි.