මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ද ලබන මහ මැතිවරණයට තරඟ වදින බව ඔහුට හිතවත් ආරංචි මාර්ග කියයි.
ඔහු තරඟ කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ද, වෙනත් පක්ෂයකින්දැයි තවම තීරණය කර නැති බව ද දැන ගන්නට ඇත.
හිටපු ජනාධිපතිවරයකු මහ මැතිවරණයකට ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔහුට හිතවත් ක්‍රියාකාරීන්ගේ හමුවක් අද උදේ අභයාරාමයේ දී පැවැත්විණි.
හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ද ඊට සහභාගී විය.

