මහින්දට ශ්‍රීලනිප අපේක්ෂකත්වය නොලැබෙන හැඩයි


මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය තබා නාමයෝජනාවත් ලබා දිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  මෛත්‍රී-මහින්ද සමගි කරවීමට පත් කළ කමිටුවට  දැනුම් දුන් බව ඇමැති රාජිත සේනාරත්න මහතා කීවේය.

එම කමිටු සාමාජිකයන් ජනාධිපති හමු වූ අවස්ථාවේ කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති මේ බව පැවසූ බව ද ඒ අනුව එම කමිටුව අක්‍රීය තත්ත්වයට පත් වන බව ද රාජිත සේනාරත්න මහතා පැවසීය.