මහින්දට උපදෙස් දෙන්න ඔබාමා එනවාලු


සන්ධානයේ අපේක්ෂකත්වය නොලැබුණු හිටපු ඇමැති මර්වින් සිල්වා අමුතු කතාවක් කීවේය. ඔහු මේ බව කීවේ එම් කේ ඩී එස් ගුණවර්ධන මහතා සහභාගී වූ රැස්වීමකට සහභාගී වෙමිනි.

‘ළඟදි ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා ලංකාවට එනවා. එන්නේ මමත් දෙපාරෙන් යනවා. මගෙන් ආදර්ශය ගන්න කියා මහින්ද රාජපක්ෂට කියන්නයි. ලෙහෙසි පහසු කෙනෙක් නොවෙයි එන්නේ.‘ යැයි ඔහු කීවේය.

තෙවැනි වරටත් ජනපතිවරණයට ඉදිරිපත් වී පැරදුණු රාජපක්ෂ මහතා ලබන මහ මැතිවරණය ඉදිරිපත් වීම ගැන මර්වින් සිල්වා උපහාසයෙන් එලෙස කීවේය.