ඉදිරි මහ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීම වෙනුවෙන් කැපවී ක්‍රියා කිරීමට ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය තීරණය කළ බව එහි ලේකම් රජරට විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.
ඔහු මේ බව කීවේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපතිනි ක්ෂණිකා හිරිඹුරේගම මහතා ද ඊට පැමිණ සිටියාය.


