හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා නොදෙන බව ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සමීප ආරංචි මාර්ග කියයි.
මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ස්ථාවරයේ වෙනසක් නැතැයි රාජිත සේනාරත්න ඇමැතිවරයා පවසයි.
මැදමුලනදී විශේෂ ප්‍රකාශයක් කරන බව පවසමින් මාධ්‍යවේදීන් හා රැස්ව සිටි සන්ධාන නායකයන් හමුවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසූයේ ‘රට බාරගන්න යැයි මේ සියලු දෙනා කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ නෑ‘ යනුවෙනි.
කණ්ඩායම් නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රීලනිප සභාපතිද වන ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේද අනුමැතිය ලැබී ඇතැයි කෙහෙළිය රඹුක්වැල්ල හිටපු මන්ත්‍රී මහනුවරදී මහින්ද රාජපක්ෂ මහතාට කීවා යැයි කියන කථාව ගැන මැදමුලන විශේෂ ප්‍රකාශයේ සඳහනක් නැත.
මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා නොදෙන බව මෛත්‍රිපාල සිරිසේන මහතා මුලදී කියා තිබිණි. එය ජනපතිගේ ස්ථාවරයදැයි තහවුරු කරගැනීමට අපට නොහැකි විය.
මැදමුලනට පැමිිණි පිරිස් මහින්ද රාජපක්ෂ හැඳින්වූයේ අනාගත අගමැති ලෙසයි.

