මහින්දගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් එජාපයට


(රංජන් කස්තුරි)

බස්නාහිර පළාත් සභාවේ හිටපු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කළ තුෂාර පෙරේරා මහතා අද (14) එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය.

ඔහු කලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙසද කටයුතු කළේය.

පෙරේරා මහතා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශයේදී ඇමති ජෝන් අමරතුංග මහතා අතින් අද පස්වරුවේ එජාපයේ පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය.

ඒ මහතා 2007 වසරේ සිට 2011 දක්වා කාලයේදී වත්තල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.
 
එජාප සාමාජිකත්වය ලබාගැනීමෙන් අනතුරුව පෙරේරා මහතා මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ කීය.

“මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය අවසන් කළා.ඒත් එතුමාට සිංහල දෙමළ හා මුස්ලිම් ජනතාව අතර සංහිඳියාව ගොඩනගන්නත් උතුරු නැගෙනහිර සංවර්ධනය කරන්නත් බැරි වුණා.යහපාලනය ගැන පැහැදී එජාපයට ආවා“