මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ස්ටිකර් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලිලන්ත පෙරේරා ඇතුළු තිදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
විශේෂ කාර්ය බලකාය විසින් මොවුන් අත් අඩංගුවට ගෙන ඇති අතර සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයගේ රුව ඇතුළත් ස්ටිකර් තොගයක් හා ඒවා ප්‍රවාහනය කළ මෝටර් රථයද පොලිස් භාරයට ගෙන ඇත.

