මහින්දගේ වැඩක් මහජන සාක්කි කැඳවයි ?


පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ  ජයග්‍රහණයට  දැන්වීම්  පළ කොට  ඒ සඳහා  ගෙවිය යුතු  මුදල්  නොගෙවීමෙන්  ස්වාධින රූපවාහිනි සේවයට  රුපියල්  කෝටියකට  අධික පාඩුවක්  සිදු  කිරිම ගැන මහජන සාක්කි කැඳවීමට  පියවර  ගන්නා  ලෙස බරපතල දුෂණ හා වංචා  පිළිබඳ ජනාධිපති පරික්ෂණ කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා  මහතා  කොමිසමේ  සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කිරිමට  යයි.

හිටපු  ජනාධිපති  රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව මෙම පියවර ගැනීමට  අදහස් කළ බව ඒ මහතා  පැවසුවේය.