මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට අකුරැස්ස පැරණි බස් පොළේදී වූ අකරතැබ්බය ගැන විවිධ අර්ථකථන දෙනවාලු. ඔහු යන යන තැන්වලට වශී බෝලයක් අතේ තියාගෙන යනවාලු. රාජකීය දෛවඥයා වී පසුව ජනවාරි 8 වැනිදා ප්‍රතිඵලයෙන් පසු සුමනදාස අබේගුණවර්ධන පවසනුයේ එවැනි බෝල 9ක් ඔහු ළඟ තිබූ බවයි.
ඇඟිලිවල ව්‍යායාම් සඳහා එම බෝල පාවිච්චි කළ බව ඔහු ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනකදී පැවසීය.
දැන් ඔහු අම්මේ මුත්තේ කීවත් අනාවැකිනම් කියන්නේ නැතිලු. මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය ජනවාරි 8 වැනිදා ජනාධිපතිවන බව ඔහු දැන සිටියේ අවුරුදු 9කට කලින්ලු. පොඩි පරහකට ඇත්තේ ඒ අනාවැකිය ඔහු අවුරුදු 9ක් ප්‍රමාදවී පැවසීමයි. එහෙම කළේ මහින්ද ළඟ රස්සාව කළ යුතු නිසාලු. අකුරැස්සේදී මහින්දට නාදුනන මිනිසකු ඔහුගේ ඇඟිල්ලේ මුද්දක් ගලවා ගන්න හැදුවාලු. තවත් පිරිසක් මෙහිදී මැරයන් දමා ඔහුගේ අත අඹරන්න හැදුවා කියා කියනවාලු. ඒ කථාව නව ජවයකින් කියා සිටියේ වීරවංශ පිළලු. එතැනත් පොඩි පරහකට ඇත්තේ 200කට ආසන්න ආරක්ෂකයන් මැදි කරගෙන සෙනග මැදින් රැස්වීමකට යන අවස්ථාවේ මුද්ද ගලවාගන්න හැදීමලු. පණ ඇති මිනිසකු ඒ වැඩේ කරන්නේදැයි සොයා බැලීම වෙනම කාරණයක්ලු. හොඳටම මොළේ අමාරුකාරයකු වුවත් එහෙම වැඩක් කරන්නේදැයි තවත් ප්‍රශ්නයක්ලු. එම සිද්ධියේදී මහින්දගේ ඉරියව් හැසිරීම් අධ්‍යයනය කිරීම වැදගත්ලු.
අගෝස්තු 17 වැනිදායින් පසු මහින්ද රාජපක්ෂ ස්වර්ණමය යුගයක් බිහිකරන බව එම පක්ෂයේ මහ කතිකයෝද කියති. පිටකොටුවේ වෙළඳපොළේ වෙළෙන්දකු ඇසුවේ ඔවුන් රට පාලනය කළ අවුරුදු 10දී එහෙම යුගයක් ඇති කළේද යන්නයි.
කට කැඩුණු තවත් මිනිසකු කීවේ එකත් එකටම අර මිනිහා අකුරැස්සේදී මුද්ද ගලවන්න හැදුවේ ස්වර්ණමය යුගයට මුල්ගල තැබීමට විය හැකි බවලු.

