මහින්දගේ පිං පොත් ගැසූ හැටි සොයයි


යුද හමුදාවෙන් විශ්‍රාම ගිය සෙබළුන්ගෙන් සමන්විත රක්නා ලංකා සමාගමේ ලංකා බැංකු ටොරින්ටන් ශාඛාවේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට රහස් පොලිසියට අවසර දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා බැංකු කලමනාකරුට අද නියෝග කළේය.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ පිං පොත් මුද්‍රණය කිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම ද හවුල් වී රුපියල් ලක්ෂ 25ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.