මහින්දගේ ප්‍රජා අයිතියත් නැති කළ හැකිලු


මහින්ද රාජපක්ෂ මහතා අගමැතිව සිටි සමයේදී උතුරේ සුනාමියෙන් අවතැන්වූ ජනතාවට නිවාස තැනීමේ මුවාවෙන් එල්ටීටීඊයට මුදල් දීමේ චෝදනාව සනාථ වුවහොත් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකි බව අද (19) කුරුණෑගල පැවති ජනතා විමුක්ති පෙරමුණ රැලියකදී නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මේ ගැන තමා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විමසූ අවස්ථාවේදී ජනාධිපති කොමිෂමක් හමුවේ සිදුකරන පරීක්ෂණයකින් පසු වැරදිකරු බවට සනාථ වුවහොත් එසේ ප්‍රජා අයිතිය අහෝසිවන බව පැවසූ බවත් අනුර කුමාර දිසානායක මහතා එහිදී කීවේය.

කිරිබත්ගොඩ රැස්වීමක දී දිසානායක මහතා මෙසේ කීවේය.

‘මහින්ද රාජපක්ෂට ගෙඩිය පිටින් තව අවුරුදු දෙකක් තිබෙද්දී දෛවඥයන් අල්ලගෙන ඡන්දයක් තිබ්බා. පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය ඇමැති, කැබිනට් ඇමැති, විපක්ෂ නායක, අගමැති සහ ජනාධිපති වෙලා ඉඳනා දැන් ආයෙත් මන්ත්‍රීවරයෙක් වෙන්න හදනවා.

‘ජනාධිපතිකම ගැස්සුනාම අගමැතිකමට ඒන්න හදනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජපක්ෂ පිල්ලියෙන් බේරා ගත යුතුයි. ඊට මෛත්‍රී  සිරිෙස්න ජනපති අමාරුවෙන් හරි උත්සාහ කරනවා. මහින්දගෙන් ශ්‍රීලනිපය ගලවා ගන්න නම් බුලත් කොළයට  එරෙහි ඡන්දය පාවිච්චි කරන්න. ‘