මහින්දගේ නාමයෝජනා ගැන චන්ද්‍රිකා මෛත්‍රීගෙන් අහයි?


මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර අද කොළඹ දී විශේෂ සාකච්ඡාවක් පැවැති බව දේශපාලන ආරංචි කියයි.

එම සාකච්ඡාවට වෙනත් කිසිවකු සහභාගී වී නැති බවත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට නාමයෝජනා දීම ගැන එහි දී සාකච්ඡා වන්නට ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර හිටපු ජනපතිනියගේ උපන් දිනය වෙනුවෙන් අද සවස පහට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ උත්සවයක් පැවැත්වෙන බවත්, ඊට මෛත්‍රීපාල සිරිසේන ජනපති ද ඇරැයුම් ලබා ඇති බවත් කියති.

පසුගිය සිකුරාදා රාත්‍රී මංගල සමරවීර මහතා සංවිධානය කළ සාදයට ජනපති සිරිසේන පැමිණියේ නැත.