මහින්දගේ නාම යෝජනා ප්‍රශ්නය හතරබීරි කථාවක් වෙයි


මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට ලබන මහ මැතිවරණය තරග කිරීමට සන්ධානයෙන් නාම යෝජනා දෙන්නේද නැද්ද යන්න ගැන ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ඇමැති මණ්ඩල ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කීවේය.

මහින්ද රාජපක්ෂ මහතා පෙරදින නාම යෝජනා පත්‍ර අත්සන් කළා නේදැයි මාධ්‍යවේදින් ඇසූ විට ඇමැතිවරයා පැවසූයේ ජනපති අනුමැතිය දී නැත්නම් නාම යෝජනා අත්සන් කරන්නේ කෙසේද යන්නයි.

ඔහු අත්සන් කළේ නාම යෝජනා බව කියන්නේ කෙසේදැයි ඔහු පෙරළා මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කළේය. එසේ අත්සන් කරන නාම යෝජනා මැතිවරණ කොමසාරිස්ට බාරනොදී සිටිය නොහැකිද යන ප්‍රශ්නයත් ඔහු මතු කළේය.