බලහත්කාරයෙන් හා අකැමැත්තෙන් අතුරුදන් කළැයි කියන අය සොයා බැලීම සඳහා වන එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරී කණ්ඩායමේ නියෝජිත පිරිසක් ලබන මාසයේදී නව දින නිල සංචාරයක් සඳහා ලබන මස 9 වැනි දා පැමිණ 18 වැනි දා තෙක් මෙරට රැඳී සිටින බව දැන ගන්නට ඇත.
එම කණ්ඩායම මේ දිනවල ජීනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් 30 වැනි සැසිවාරයේදී නිල වශයෙන් මේ බව නිවේදනය කළේය.
මෙම කණ්ඩායම මීට පෙර ශ්‍රී ලංකාවට පැමීණිමට අපේක්ෂාවෙන් සිටියත් පසුගිය රජය ඒ සඳහා අනුමැතිය ලබා දී නැතැයි පැවසේ.

