මොබිටෙල් ප්‍රධාන විධායක නිළධාරියාගේ සේවය අත්හිටුවීම අරබයා පසුගියදා පැවැත්වුනු ශ්‍රීලංකා ටෙලිකොම් හා මොබිටෙල් අධ්‍යක්ෂක මණ්ඩලය හමුවේදී ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට මොබිටෙල් සමාගමේ මූල්‍ය හා භෞතික සම්පත් ලබාදුන් බවට එහි ප්‍රධාන විධායක අධ්‍යක්ෂක රංජිත් රූබසිංහ මහතාට චෝදනා නැඟී තිබෙන හෙයින් අධ්‍යක්ෂක මණ්ඩලයේ නිර්දේශය වූයේ පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් සේවා තහනමක් රූබසිංහ මහතාට පැනවිය යුතු බවයි.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයද රූබසිංහ මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටින බවද මෙහිදී සඳහන් විය.
නමුත් මීට විරෝධය පළකළ ශ්‍රීලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිළධාරී පී.ජී.කුමාරසිංහ මහතා, රූබසිංහ මහතාට සේවා තහනමක් පැනවීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි කියා සිටියේය.නමුත් අධ්‍යක්ෂක මණ්ඩලයේ අනෙක් සාමාජිකයින් ඊට විරුද්ධ වීමෙන් දෙපාර්ශවය අතර විවාදය උණුසුම් වචන හුවමාරුවකට පෙරැළිණ.
වාදය සමථයකට පත්කිරීමට ඒ වන විට ටෙලිකොම් ආයතනයෙන් පිටත්ව ගොස් සිටි හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා නැවත කැඳවූ අතර ඔහු පැමිණ පරීක්ෂණ කටයුතු අවසාන වන තෙක් රූබසිංහ මහතාට මාස 3 ක සේවා තහනමක් පැනවීමට දෙපාර්ශවය අතර එකඟතාවක් ඇතිකර ගැටුම සමථයකට පත්කළේය.
අමාත්‍යවරයා පිටත්ව ගිය වහා නැවත ගැටුම් ඇවිලී ගියේය.රූබසිංහ මහතාගේ වැඩ තහනම වහාම ක්‍රියාත්මක කළ යුතුයැයි අධ්‍යක්ෂක මණ්ඩලය කියා සිටියද ටෙලිකොම් සභාපතිවරයා පවසා සිටියේ එ සඳහා වන ලියුම තමන් සඳුදා නිකුත් කරන බවයි.
ගැටුම හමුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජික ඩබ්ලියු.කේ.එච් වෑගපිටිය මහතා ඉන් ඉල්ලා අස්විය.

