යුරෝපය ඇතුළු බොහෝ රටවල ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂ ශාඛා සමිති බහුතරයක සහයෝගය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබෙන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එසැණට පැවසීය.
‘ පසුගියදා ජනාධිපතිතුමා කියා තිබුණා වැඩි ඡන්ද ලක්ෂ 22කින් තමා ජයගන්නා බව. මම හිතන්නේ එතුමාට වැරදිලා. එතුමාට ලැබෙන ඡන්ද සංඛ්‍යාවයි ඒ කියලා තියෙන්නේ.
රාජ්‍ය බුද්ධි අංශ වාර්තාවට අනුව සියටට 56කින් සිරිසේන මහතා ජයගන්නවා. හමුදා බුද්ධි වාර්තාවට අනුව සියයට 55යි. කණිජතෙල් සංස්ථාවේ හිටපු සභාපතිගේ වාර්තාවට අනුව සියයට 56යි.
මේ වාර්තා හැම එකක්ම ජනාධිපතිවරයා ළඟ තියෙනවා. මේ සමීක්ෂණය කළේ සිරිසේන මහතා ආණ්ඩුවෙන් එළියට ඇවිත් දින කිහිපයකින්. දැන් ඒ ප්‍රවනතාවය ඊටත් වැඩියි.‘

