එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිකුත් කිරීමේ උත්සවය කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වේ.
හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා, ප්‍රංශයේ හිටපු ශ්‍රි ලංකා තානාපති දයාන් ජයතිලක, රත්නසිරි වික්‍රමනායක, ඒ.එච්.එම්.ෆවුසි, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත මහත්වරු ඇතුළු සන්ධාන හවුල්කරුවෝ එහි වූහ.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මහා සංඝරත්නයට ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගැන්වීය.
මහින්ද රාජපක්ෂ මහතා අනාගතයට සහතිකයක් මැයෙන් වූ 12 වැදෑරුම් ඡන්ද ප්‍රකාශනය වැලමිටියාවේ කුසලධම්ම හා පල්ලත්තර සුමනජෝති නා හිමිවරුනට මුලින්ම පිළිගැන්වූයේය. විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැමිණ සිටියේ නැත.
පැපිලියානේ සුනේත්‍රා දේවි පරිවේණාධිපති මැදගොඩ අභයතිස්ස හිමියන් පැවසූයේ රටට ආදරය කරන පිරිස් රට ෆෙඩරල් වාදයෙන් බේරාගැනීමට පෙළ ගැසිය යුතු බවයි.
අලි කොටි හා දෙපත් නයින්ගෙන් රට බේරාගත යුතු බවද ඒකීය රටක් ලෙස ශ්‍රී ලංකාව පවත්වාගෙන යායුතු යැයිද උපරිම බලය බෙදීමේ රනිල් වික්‍රමසිංහ පිළිවෙත වෙනුවට සමස්ත ජනතාවටම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස එකට විසීමේ අයිතිය සුරක්ෂිත කරගත යුතු යැයි කී ඒ හිමියෝ ශ්‍රී ලංකාවට දළඳා සමිඳු පිහිට හා ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ රැකවරණය ප්‍රාර්ථනා කළහ.
මෙවර මැතිවරණය වෙනුවෙන් සන්ධාන තේමා ගීතයක්ද එහිදී එළි දැක්විණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එහි සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද (28) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දි සිදුවිය.
අනාගත සන්ධාන ආණ්ඩුවක් යටතේ රටේ ඉදිරි පස් වසර සඳහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සංවර්ධන ව්‍යාපෘති සහ සමාජ ආර්ථීක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සන්ධාන නායකයෝ ජනාධිපතිවරයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.
සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් අනුර ප්‍රියදර්ශන මහතවරු සිංහල හා දෙමළ පිටපත් පිළිගැන්වූහ.
එම අවස්ථාවට ඩිලාන් පෙරේරා,දිනේෂ් ගුණවර්ධන,තිස්ස විතාරණ,එච්.එම් ෆවුසි,,ඩිව් ගුණසේකර යන මහත්වරුන් සහභාගි වී සිටියහ.
ඡායාරූප - ලහිරු හර්ෂණ















