මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට පොලිසියේ 105 දෙනකු සහ හමුදාවේ 108 දෙනකු ලබා දී ඇතැයි ද, එනමුත් ඔවුනට ප්‍රමාණවත් පහසුකම් ලබා දී නැතැයි ද හිටපු ජනපතිගේ මාධ්‍ය සම්බන්ධීකාරක රොහාන් වැලිවිට නිවේදනයක් නිකුත් කරමින් කියයි.
හිටපු ජනපතිගේ පාවිච්චියට හෙලිකොප්ටර ලබා දී නැතැයි ද ඔහු සඳහන් කරයි.
එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
‘‘මහින්ද රාජපකෂ මැතිතුමාගේ ගමන් පහසුකම් සඳහා හෙලිකොප්ටර් යානයක් ලබා දී ඇතැයි යන්න සත්‍යයෙන් තොර ප්‍රවෘත්තියකි. එතුමා ජනවාරි 09 වනදා කොළඹ සිට තංගල්ලට හිටපු ජනාධිපතිවරයා ලෙස නිලවශයෙන් පාවිච්චි කල හෙලිකොප්ටර් ගමන හැර අද වන තෙක් රජයේ හෙලිකොප්ටර් පහසුකම් ලබා ගෙන නැත. එසේම එදා මෙදා තුර කිසිම අවස්ථාවක එතුමා හෙලිකොප්ටර් පහසුකම් ද ඉල්ලා නැත.
පොලිස් ආරකෂාව
පොලිස් නිලධාරීන් 105 දෙනෙකු ලබාදී ඇත. ඒ අතර සහකාර පොලිස් අධිකාරීවරුන් තුන් දෙනෙකු සිටී. ඒ අයට නිල වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් වාහන තුනක් ලැබි ඇත. නමුත් ඔවුන්ගේ රාජකාරී කටයුතු සඳහා කාර්යාල පහසුකම් ලබාදී නොමැති අතර අවම පහසුකම් වලින් යුත් ගොඩනැගිල්ලක නේවාසික පහසුකම් ලබා දී ඇත. ඉහත වාහන තුන හැර මෙම පොලිස් නිලධාරීන් 105 දෙනාට පොලිස් දෙපාර්තමේන්තුවෙන් වාහන හෝ එකදු යතුරු පැදියක් හෝ ලබාදී නොමැත. ලබාදී තිබූ වාහන 17ක් හා රාජකාරී දුරකථන ද පොලිස් දෙපාර්තමේන්තුව විසින් නැවත ලබා ගෙන ඇත. මෙම නිලධාරීන් හිටපු ජනාධිපතිතුමාගේ ආරකෂක කටයුතු සඳහා භාවිතා කරන්නේ පෞද්ගලිකව ලැබුණු වාහන හා කුලී පදනම මත ලබා ගත් වාහනය.
හමුදා ආරකෂාව
හමුදා නිලධාරීන් 108 දෙනෙකු ලබාදී ඇත. ඒ අතර උසස් නිලධාරීන් දෙදෙනෙකුද ඇත. එම නිලයන් සඳහා යුද හමුදාවෙන් ලැබීමට නියමිත නිල වාහන හෝ කාර්යාල පහසුකම් අද වන තෙක් ලැබී නොමැත. එසේම මෙම හමුදා නිලධාරීන් 108 දෙනාට ප්‍රවාහන පහසුකම් සඳහා එකම වාහනයක් හෝ යතුරු පැදියක් හෝ ලැබී නොමැත. තවද දෛනික රාජකාරි කටුයතු සඳහා කාර්යාල පහසුකම් ලැබී නොමැති අතර නේවාසික පහසුකම් පමණක් ලැබී ඇත. හිටපු ජනාධිපතිතුමා ලෙස මහින්ද රාජපකෂ මැතිතුමාගේ භාවිතය සඳහා ප්‍රභූ වාහන තුනක් හා ආරකෂක රථ තුනක් පමණක් ජනාධිපති කාර්යාලයෙන් ලැබී ඇත. අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කර තිඛෙන පරිදි එතුමාගේ ගමන් පහසුකම් සඳහා හෙලිකොප්ටර් පහසුකම් ලබා දී නොමැති අතර එසේ ලබා දෙන ලෙස ඉල්ලිමක්ද කර නොමැති බව අවධාරණයෙන් දන්වා සිටිමි.‘‘

