මහින්දගේ කටඋත්තරය සුවිශේෂ සිද්ධියක්


ශ්‍රි ලංකාවේ හිටපු  ජනාධිපතිවරයකුගෙන් ප්‍රශ්න කර  කටඋත්තරයක් ලියා ගත්    ප්‍රථම අවස්ථාවට මහින්ද රාජපක්ෂ හිටපු ජනපති  මුහුණ දුන් බව බරපතල වංචා  දුෂණ විමර්ශන කොමිසමේ  ලේකම්  ලැසිල් ද සිල්වා  මහතා  පැවසුවේය.

හිටපු  ජනපති  මහින්ද රාජපක්ෂ මහතාගේ  ළඟට  කොමිසමේ නිලධාරින්  යවා  ප්‍රකාශයක්  ලබා  ගැනීම ද බරපතල වංචා  දුෂණ සෙවීමේ  විශේෂ ජනාධිපති  පරික්ෂණ කොමිසම ලැබු විශිෂ්ට ජයග්‍රහණයක්  බවද ඔහු  කීවේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ  ස්වාධින රූපවාහිනි  සේවය ඔස්සේ  ප්‍රචාරය කිරිමට  ගිවිසගත්  දැන්වීම්  වලට  වඩා  රුපියල්  කෝටියකට  අධික දැන්වීම්  ප්‍රචාරය කොට ඒ  වෙනුවෙන්  ගෙවිය යුතු  මුදල්  නොගෙවීමත් ස්වාධින රූපවාහිනි සේවයට පාඩු  කිරිමේ සිද්ධිය   ගැන ඔහුගේ ළඟටම ගොස් ප්‍රකාශයක්  ලබා  ගැනීම පිළිබඳව කළ විමසිමකට  පිළීතුරු දෙමින්  ඔහු  ප්‍රකාශ කළේය.

තම නිලධාරින්ට  අවශ්‍ය වී  ඇත්තේ  හැකි  ඉක්මණින්  මෙම සිද්ධියට  අදාළ විමර්ශන කටයුතු  අවසන්  කිරිම යැයි කී  ලේකම්  ලැසිල් ද සිල්වා  මහතා  මේ තත්ත්වය හේතුවෙන්  කොමිසමේ  නිලධාරින්  නම්‍යශිලි  ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් රාජපක්ෂ මහතාගේ නිවසට  ගොස්  ප්‍රකාශ  ලබා ගැනීමට  පියවර  ගත්තේ ගත් බව සිල්වා මහතා කියා සිටියේය.