මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මහ මැතිවරණයට ඉදිරිපත්වනවාද නැද්ද යන්න ගැන බදාදා (1) මැදමුලනේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව දේශපාලන ආරංචි කියයි.
මැදමුලන ඒ මහතාගේ නිවසේදී හෙට පැවැත්වෙන් ඇසල පෝ දින ධර්ම දේශනාවෙන් පසු මෙම ප්‍රකාශය කරනු ඇතැයි ද කියති. සන්ධාන පක්ෂ නායකයින් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට මහ මැතිවරණයට ඉදිරිපත්වන ලෙස ඉල්ලමින් විශේෂ රථ පෙළපාළියකින් මැදමුලනට යාමට නියමිත බවද දේශපාලන ආරංචි සඳහන් කරයි.
ඒ අතර විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ සන්ධාන ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරු අද (30) හිටපු ජනපතිවරයා හමුවීමට නියමිත බවද කියති.

