තමන්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම හේතුවෙන් රුපියල් මිලියන 5000 ක වන්දි මුදලක් ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත එන්තරවාසියක් යොමුකරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
මුදල් අමාත්‍යාංශයේ බදාදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය. මූල්‍ය අපරාධ චෝදනා ඇති පුද්ගලයෙක් මුදල් ඇමති වශයෙන් කටයුතු කරන බවට හිටපු ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශයක් හේතුවෙන් මෙලෙස තමන්ට අපහාසයක් සිදුව ඇති බව මුදල් අමාත්‍යවරයා කියා සිටියේය. එම ප්‍රකාශය අසත්‍යයක්ද බවද ඔහු පැවසීය.

