තමාගේ රුව යොදාගෙන දේශපාලනයේ යෙදෙන ඇතැම් කණ්ඩායම් නීත්‍යනුකූල නොවන ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් තමාට කිසිදු වගකීමක් නැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත.
විවිධ දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම්ද දේශපාලන කටයුතු සඳහා තම රුව යොදාගෙන ඇති බවත් ඒ සඳහා තමාගේ අකමැත්තක් හෝ විරෝධතාවයක් ප්‍රකාශ කඑ නැති බවත් දන්වා ඇති රාජපක්ෂ මහතා එවැනි නීත්‍යනුකූල නොවන අන්දමින් කටයුතු කරන්නන්ට එරෙහිව මැතිවරණ කොමිෂම නීත්‍යනුකූලව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද එහි සඳහන් කර ඇත.

