යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණ බිහිකිරීමේ ගිවිසුම ජාතික හෙල උරුමය, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වූ හිටපු මන්ත්‍රීවරු නියෝජනය කරන පාර්ශව කිහිපයක් හා එක්සත් ජාතික පක්ෂය අද අරලියගහ මන්දිරයේ දී අත්සන් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි කියයි.
ජාතික හෙල උරුමයේ අතුරලියේ රතන හිමි, චම්පික පාඨලී රණවක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වූ රාජිත සේනාරත්න, එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මේ අවස්ථාවට එක්වන බව ද දැනගන්නට ඇත.

