එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබාදීමේ දී යම් ගැටළුවක් ඇති වුවහොත් වෙනම පක්ෂයකින් තරඟ වැදීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම සදහා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහාය දක්වන පිරිස විජේරාම පාරේ කාර්යාලයයක් විවෘත කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.
අවශ්‍ය වුවහොත් වෙනම තරග කිරීමට නාමයෝජනා ලැයිස්තු සකස් කරමින් පවතින බව ද එම ආරංචි සඳහන් කරයි.

