තම හිටපු නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලින් මහා මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නම් තම උපරිම සහය ඔහුට ලබා දෙන බව වයබ පළාත් හිටපු මහා ඇමති අතුල ජයසිංහ මහතා එසැණට පැවසිය.
එතුමා කුරුණෑගලින් එනවා කියන්නේ අපිට ලොකු ආඩම්බරයක්. මමත් මහමැතිවරණයට ඉදිරිපත් වෙනවා. නමුත් මගේ උපරිම සහය එතුමාට දෙනවා. දයාසිරි ජයසේකර මහා ඇමතිතුමාත් මමත් හොද සහයෝගයෙන් වැඩ කරනවා. මම හිතනවා එතුමත් එතුමාගේ සහය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙයි කියලා.
එදා සිට මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙනා හම්බන්තොට ජනතාව අමතක කර කුරුණෑගලින් මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ මන්දැයි එසැණ කළ විමසුමට අතුල ජයසිංහ මහතා මෙසේ කීය.
අනේ මම නම් ඒ ගැන කියන්න දන්නේ නැහැ. ඇයි එතුමා කුරුණෑගලට ආවේ කියල එතුමාගෙන්ම තමයි අහන්න ඕනේ.

