මහින්ද රැලියට පෙර සිරිමහ බෝ වඳියි


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ඇරැඹීමට ප්‍රථම ඓතිහාසික ශ්‍රී මහා බෝ සමිඳුන් හා රුවන්වැලි මහා සෑය අද වැඳ පුදා ගත්තේය.

ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස දී මහා සංඝරත්නය විසින් හිටපු ජනපතිට ආශිර්වාද කරමින් පිරිත් සජ්ඣායනා කළහ.

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතේ පිරිත් නූලක් ගැට ගසා ආශිර්වාද කළේය.

GLA_7253 GLA_7309 GLA_7325 GLA_7332 GLA_7346 GLA_7372