බිඟුන් මේනක ගමගේ
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිකරන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධූරය නොලැබෙන්නේ යැයි ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ‘ලංකාදීප’යට පැවැසීය.
සන්ධාන අගමැතිවරයකු බිහිවුවහොත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විපක්ෂයට එන්නට සිදුවනු ඇතැයි කී හෙතෙම ඒ අනුව විපක්ෂයේ වැඩිම මන්ත්‍රීන් ගණන නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයට විපක්ෂ නායක ධූරය හිමිවිය යුතු යැයි අවධාරණය කළේය.
පළාත් පාලන මැතිවරණ ප්‍රතිපලය අනුව විපක්ෂ නායක ධූරය මහින්ද රාජපක්ෂ මහතාට ලැබිය යුතු යැයි පාඨලි චම්පික රණවක ඇමැතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය.