මහින්ද යාපා කොසොල් සිහින ගැන කියයි


අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුතා පසුගිය දා පැවති රැස්වීමක දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට කළ අභියෝගය දකින විට තමන්ට කොසොල් රජු දුටු සිහින සිහිපත් වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මහින්ද යාපා අබේවර්ධන මහතා අද නාරාහේන්පිට අභයාරාම විහාරයේ මාධ්‍ය හමුවක දී පැවසීය.

කොසොල් රජු දුටුවේ සිංහයකු පසුපස නරියෙක් එලවාගෙන යන සිහිනයක් යැයි කී අබේවර්ධන මහතා මේ රටේ ජනතාවට දැන් පෙනෙන්නේ සිංහයෙක් පසුපස ඌරු පැටවු පන්නාගෙන යන අයුරු යැයි සඳහන් කළේය.